රෙදි සෝදන සබන් නිෂ්පාදනය
යොදා ගන්නා අමුද්‍රව්‍ය
* තෙල් 2750 g Add a image
* ජලය 1400 g
* කෝස්ටික් සෝඩා 500 g
* වයිටින් 3% 100 g
* සෝඩියම් සිලිකේට් 50 g
* රට දුම්මල 50 g
* බෝරැක්ස් 25 g
වැක්සින් යෙලෝ පොල්තෙල් වලත් මෙතනිල් යෙලෝ ජලයේත් දියකර ගත යුතුය.
සබන් නිෂ්පාදනය
පළමුවෙන්ම කෝස්ටික් සෝඩා ටික ටික ජල බඳුනකට මිශ්‍ර කරන්න. මේ සඳහා ප්ලාස්ටික් බේසමක් යොදා ගත යුතු අතර ඇස් ආවරණයක් පැළඳීම වඩා ආරක්ෂාකාරී පියවරකි.
ඉන්පසු තෙල් දැමූ බැරලය ළිප මත තබා ටික ටික රත්කර ගනිමින් ඊට රටදුම්මල, ටැලෝ, වයිටින් බොරැක්ස්, සෝඩියම් සිලිකේට් සහ කලර් ඉතා සීරුවෙන් එකතු කර ගත යුතුය.
මෙම මිශ්‍රණය 60o C රත් වූ විට ළිපෙන් බිමට බා එය හැඳිගාන අතරතුර කෝස්ටික් සෝඩා ද්‍රාවණය ටික ටික මිශ්‍ර කර ගන්න.ඉන්පසුව වි.25ක පමණ කාලයක් වේලාගෙන නැවත හැඳි ගාන්න.
හොඳින් උකු ක්‍රීම් ගතියට පත්වන තුරු මිශ්‍රණය කලතා සුවඳ 6g පමණ එකතු කර ගන්න.මෙසේ සූදානම් කරගත් ද්‍රාවණය ඝණවීමට පළමුව ලී වලින් තැනූ පෙට්ටිවලට වත්කර ගත යුතුය. මිශ්‍රණය ඝණ වී සබන් තත්ත්වයට පත්වීමට පැය 24ක පමණ කාලයක් ගත වෙයි.
ඝණ වූ පසුව එම සබන් පෙට්ටියෙන් ඉවතට ගෙන වානේ දැල් ආධාරයෙන් අවශ්‍ය ප්‍රමාණයට වෙන්කොට ගෙන සුදුසු දැවටුම් වල ඔතා වෙළඳපොල වෙත යවන්න.
වැදගත් :
● පොල්තෙල් වලට ටැලෝ 10% එකතුකර ඒ ප්‍රමාණයට පොල් තෙල් අඩු කළ යුතුය.
● සබන් සඳහා සුවඳ වශයෙන් පැඟිරි තෙල්, ලෙමන් ගාස් ස්වල්පයක් යොදා ගත යුතුය.
● 1 kg ට වර්ණක 20 g යොදා එය සබන් 225 kg ට මිශ්‍ර කරගත හැකිය

0 Comments