[21:33, 4/12/2020] Thilini: පොල් දොදොල්
[21:33, 4/12/2020] Thilini: අවශ්‍ය ද්‍රව්‍ය:
*හාල්පිටි කිලෝ 2ක්
*පොල් ගෙඩි 8ක්
*සීනි කිලෝ 3ක්
*එනසාල් හා ජෙලටීන් ස්වල්පයක්
[21:33, 4/12/2020] Thilini: සාදාගන්නා ආකාරය
පොල් ගෙඩි 8 ගාගෙන මිරිකාගත් කිරිවලට හාල් පිටි දමා හොඳින් දියාරුවන සේ මිශ්‍ර කරගන්න.පසුව එයට ජෙලටීන් හා එනසාල් කුඩු ස්වල්පයද එක්කොට විනාඩි 15ක් තිබෙන්නට හරින්න.
[21:33, 4/12/2020] Thilini: තාච්චියක් ලිප තබා සීනි සකස් කරගන්න.ජලය එක් කොට එය කලවම් කරමින් ඉතිරි සීනි ද එයට දිය කරන්න.පදමට රත් වූ පසුව කිරි හා පිටි මිශ්‍රණය තාච්චියට දමන්න.
[21:33, 4/12/2020] Thilini: හොඳින් නටන විට පොල් කිරිවලින් තෙල් මතුවෙන්නට පටන් ගනී.හැන්දක් ගෙන උඩට මතුවෙන පොල් තෙල් ඉවත් කරගන්න.
[21:33, 4/12/2020] Thilini: මිශ්‍රණය කැටි ගැසෙන්නට පටන් ගත් විට තච්චිය ළිපෙන් බා තෙල් කඩදාසියක් ඇතිරූ බන්දේසියකට මිශ්‍රණය දමා හොදින් අතුරාගෙන නිව්ණු පසුව අවශ්‍ය පරිදි කෑලිවලට කපා ගන්න.
[21:33, 4/12/2020] Thilini: Image

0 Comments