හඳුන්කූරු

හඳුන්කූරු
අවශ්‍ය අමුද්‍රව්‍ය :-
* ලී කුඩු කොටස්             12 යි                                               Add a image
* අඟුරු කුඩු කොටස්     12 යි
* පට්ටා කොටස්                            12 යි
* සඳුන් කුඩු කොටස්     06 යි
* සැවැන්දරා කොටස්   06 යි
* සාම්බ්‍රානි කොටස්   02 යි
හඳුන්කූරු නිශ්පාදනය කරන අයුරු :-
පළමුවෙන්ම ඉහත සඳහන් අමු ද්‍රව්‍ය පෙනේරයක ආධාරයෙන් හළාගෙන හොඳින් මිශ්‍ර කර ගත යුතුය.
ඉන්පසුව එම මිශ්‍රණයෙන් කොටසක් ගෙන එය ජලය සමඟ මිශ්‍ර කොට තලපයක් මෙන් සකස් කර ගන්න.
මීළඟට සකස් කර ගත් උණකූරුවල කලින් සාදාගත් මිශ්‍රණයෙන් කඩා ගත් කුඩා කැබලි සුමට පෘෂ්ඨයක් සහිත ලෑල්ලක් මත ඔතා ගන්න
මෙසේ සාදා ගත් හඳුන්කූරු හොඳින් අව්වේ වියලා ගෙන ඒවාට සුදුසු සුවඳ වර්ගයක් සාදා ස්ප්‍රේ කරන්න.
හඳුන්කූරු සඳහා සුවඳ සාදන හැටි :-
* වයිට් ඔයිල් කොටස්                                     03 යි. 
* ජෙස්මින් සහ වෙනත් සුවඳ කොටස්      01 යි.
ඉහත දැක්වූ ද්‍රව්‍ය එකට මිශ්‍ර කර සාදා ගත් සුවඳ මිශ්‍රණය ස්ප්‍රේ යන්ත්‍රයක ආධාරයෙන් හඳුන්කූරු මත හොඳින් ස්ප්‍රේ කළ යුතුය.
මෙසේ සාදාගත් හඳුන්කූරු පැකට් වල අසුරා වෙළඳනමක් යටතේ වෙළඳපළට ඉදිරිපත් කළ හැකිය.
             Add a image

Post a Comment

0 Comments