සටහන් පොත් (නෝට් බුක්)

සටහන් පොත් (නෝට් බුක්) 

නෝට් බුක් යනුවෙන් හැඳින්වෙන සටහන් පොත සඳහා ද අද වෙළඳපොළේ ඉල්ලුමක් පවතී. 
පාසල් ළමුන්, ව්‍යාපාරික ස්ථාන, නිලධාරීන් සඳහා විවිධ හැඩයේ සහ ප්‍රමාණයේ සටහන් පොත් අද වෙළඳ පොළේ අලෙවියට ඇත. 

අවශ්‍ය ද්‍රව්‍ය :- * ඩිමයි කඩදාසි ( Add image ) * සුදු කඩදාසි * බොක්ස් බෝඩ් * ස්ටේපල් යන්ත්‍රයක් සහ කටු * බයින්ඩර් ගම් 

සාදන ක්‍රමය 
සටහන් පොත් සෑදීම සඳහා ගන්නා ඩිමයි, බොක්ස් බෝඩ් ආදිය ලබා ගැනීමේදී මුද්‍රාණාල වලින් කපා ඉවත් කරන ලද ඒවා ලබා ගත යුතුයි. 
කපන ලද ඩිමයි හා බෝඩ් වර්ග කොළඹ දී ලබා ගැනීමට පුළුවන. 
ඒ සඳහා වැය වන්නේ ඉතා අඩු මුදලකි. එම කැපුන කෑලි මිලදී ගැනීමේදී තමන් නෝට් බුක් සඳහා ගන්නා ප්‍රමාණය තමන් නිෂ්පාදනය කරන නෝට් බුක් වල දිග පළල අනුව කැපුණු කෑලි මිලදී ගැනීමට හැකි අතර, දිග තීරුගෙන ඒවා මුද්‍රණාලයක කටරයක් මගින් තමන්ට අවශ්‍ය පරිදි ද කපා ගත හැකිය.පළමුවෙන්ම කොළ සියයක් පමණ වන සේ ඝණ කඩදාසි වල එක් පැත්තකට බයින්ඩර් ගම් හොඳින් තවරා ඒ මත බරක් තබා වියැලෙන්නට හැරිය යුතුය. 
හොඳින් වේලුන පසුව ගෙන දෙපැත්තට සුදු බොක්ස් බෝඩ් හෝ කැපුණු ඕනෑම බෝඩ් වර්ගයකින් කවරය සාදා ගත හැකිය. පරණ සඟරාවලින් කපන ලද පින්තූර ඇලවීමෙන් හෝ විශාල වශයෙන් කරන්නේ නම් ඒ සඳහා නාමයක් හා ඡායා රූපයක්, පින්තූරයක් මුද්‍රනණය කර ගැනීමට ද පුළුවන.

Post a Comment

0 Comments