කොන්ක්‍රීට් දොර ජනෙල් සෑඳීම
දැව භාවිතයේදී දැරීමට සිදුවන අධික මිල හමුවේ කොන්ක්‍රීට් දොර උළුවහු සඳහා වෙළඳපළ තුළ පවතිනුයේ අධික ඉල්ලුමකි. පහතින් විස්තර කරනුයේ අඩු වියදමකින් කොන්ක්‍රීට් උලුවස්සකින් සාදා ගන්නා අන්දමකි.
අවශ්‍ය ද්‍රව්‍ය
* වෙළඳපළෙන් මිලදී ගත් ෆයිබර් ග්ලාස් අච්චුව
* වැලි, කුඩා ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල්
* සිමෙන්ති, අඟල් 1/4 කම්බි
සාදන අයුරු
මුලින්ම සරනේරු ඇල්ලීම සඳහා අච්චුවේ ඒවා පිහිටන ස්ථානවල ලී කට්ටා රඳවා තබන්න.ඉන්පසු පහත රූප සටහනේ දැක්වෙන පරිදි කම්බි 2 ක් අඟල් 2 ක දුරින් සිටින සේ කූඩුවක් තනා කොන්ක්‍රීට් දමන විට අච්චුවේ මැදට සිටින සේ තබන්න.
කොන්ක්‍රීට් මිශ්‍රණය
කාල කම්බි add a image
උළුවහු කඳ
මීළඟට ගල්, වැල් සහ සිමෙන්ති අතර අනුපාතය 3: 2: 1 වන පරිදි කොන්ක්‍රීට් මිශ්‍රණය ක්‍රමානුකූලව සාදා ගත යුතුය.මෙසේ සාදාගත් කොන්ක්‍රීට් මිශ්‍රණය අච්චුව තුළට දමන්න.මෙහිදී දොරවල් සඳහා සකස් කරනු ලබන කණු කොටස් ලෙස යොදා ගැනීමට පහසුවන සේ කඳේ කෙළවරට මඳක් වැඩියෙන් කම්බිය කපා ගත යුතුය. එසේම කණු එසවීම සඳහාත් බිත්තියට සම්බන්ධ වීම සඳහාත් අවුල් පාස් ලෙස අඟල් 6 ක පමණ කම්බියක් යෙදීම තුළින් උළුවස්සේ ශක්තිය තවත් වැඩි කර ගත හැකිය. මෙසේ සාදාගත් කොන්ක්‍රීට් උළුවහු වේලීම සඳහා සතියක පමණ කාලයක් තිබිය යුතු අතර එම කාලය තුළදී දිනකට දෙවරක්වත් ජලයෙන් තෙමිය යුතුය.
දොර සහ ජනෙල් සඳහා යොදාගනු ලබන ෆයිබර් අච්චු දෙකක රූප සටහන් B, C ලෙස දක්වා ඇත.
දොර උළුවස්ස Add a image
ජනෙල් උළුවස්ස

0 Comments