[22:39, 4/12/2020] Thilini: ගිතෙල්
[22:39, 4/12/2020] Thilini: ගිතෙල්වල 50%කටත් වැඩි ප්‍රමාණයක් මේද අඩංගු වේ.එළකිරි වලින් ගිතෙල් නිෂ්පාදනය කරනු ලබයි.සිංහල ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනයට,ආගමික උත්සවවලට ,භාරහාර වලට පහන් පූජාවන් පැවැත්වීමට සහ ආහාර පිස ගැනීමටද ගිතෙල් භාවිතා කරයි.
[22:39, 4/12/2020] Thilini: අවශ්‍ය ද්‍රව්‍ය :
පිරිසිදු එළකිරි (අවශ්‍ය පමණ)
[22:39, 4/12/2020] Thilini: සාදන ක්‍රමය
පලමුව පිරිසිදු එළකිරි හොඳින් පෙරාගත යුතුය.පෙරාගත් එළකිරි ඇලුමිනියම් භාජනයකට වත්කොට,සෙන්ටිග්‍රේඩ් අංශක 35ක් දක්වා රත් කරන්න.එහිදී භාජනයේ මතුපිට පෙණ දමමින් නෙගෙන යොදය වෙන් කොට වෙනත් ඇලුමිනියම් භාජනයකට දමන්න.
[22:39, 4/12/2020] Thilini: එසේ වෙන් කරගත් කිරි,යොදය පැය 5ක් පමණ ලිප තබා රත් කරන්න.එය හොඳින් බුබුළු මතුවන තෙක් රත් වූ පසු දුඹුරු පැහැ ගැන්වීමට අමු මුරුංගා කොල කිහිපයක් එක් කොට ළිපෙන් බා ගන්න.
[22:39, 4/12/2020] Thilini: පසුව භාජනයේ ඇති මිශ්‍රණය පෙරා මදක් සිසිල් වන්නට හැර බෝතල් වලට අසුරන්න .බෝතල් වලට ඇසිරීමට පෙර ජීවාණුහරණය කරගන්න.කිරිවලින් යොදය ඉවත් කරගැනීමට "ක්‍රීම් සෙපරේටර්"නම් උපකරණයක් තිබේ.එසේ නොමැතිනම් හැන්දක් උපයෝගී කරගෙන යොදය ඉවත් කළහැක.
[22:39, 4/12/2020] Thilini: එළකිරි තෝරා ගැනීමේදී ඔබ ඉතාමත් ප්‍රවේසම් විය යුතුයි.වතුර මිශ්‍ර නොකල එළකිරි මෙන්ම,පිරිසිදු එළකිරි තෝරා ගැනීමට කටයුතු කරන්න .
[22:39, 4/12/2020] Thilini: Image

0 Comments