ඉටිපන්දම්
අවශ්‍ය ද්‍රව්‍ය :-
* පැරපින් වැක්ස් ( ඉටි ) 01 kg
* ස්ටියුරික් අම්ලය 30ml
* ඉටිපන්දම් අච්චුවක්
* නූල් පන්දුවක්
( අවශ්‍ය නම් ඩයි ස්වල්පයක් )
සාදන ක්‍රමය
පැරපින් වැක්ස් සහ ස්ටියුරික් අම්ලය ඇලුමිනියම් භාජනයකට දමා, සෙන්ටිග්‍රේඩ් අංශක 55ක් දක්වා උණු කරන්න. ඉන්පසු එම මිශ්‍රණය ඉටිපන්දම් අච්චුවලට වත් කරන්න. අච්චු වලට වත් කර ගැනීමේදී ඉටිපන්දම් නූල් මැද වනසේ අඩක් මිශ්‍රණය වත්කොට, නූල යොදා යළිත් ඉතිරි මිශ්‍රණයට වත් කරන්න.
නිසි පරිදි මිශ්‍රණය වත්කොට අවසන් වූ පසුව, මෙම ද්‍රාවණය ඝණවීම පිණිස ඇල් වතුර පිරවූ ටැංකියකට දමන්න. සිසිල් වූ පසුව අච්චු ඉවතට ගෙන, ඒවා ගලවා ඉටිපන්දම් වෙන්කර ගන්න. ආගමික උත්සව සඳහාත්, සාදයන් සඳහාත්, ඉටිපන්දම් පාවිච්චි කරන හෙයින් මෙය ලාභදායී ව්‍යාපාරයකි.
විශේෂ :-
උපන්දින සාදයන් සඳහාත් වෙනත් විශේෂිත අවස්ථාවන් සඳහාත් සකස් කර ගන්නා ඉටිපන්දම් සෑඳීමේඳී වර්ණ යොදා ගැනීමට සිදුවේ. එවන් අවස්ථාවකදී කැමති වර්ණයක ඩයි මිශ්‍රණයට එක් කර ගන්න.
ඉටිපන්දම් අච්චු වෙළඳ පළෙන් මිලදී ගත හැකිය. දිගු ඉටිපන්දම් සෑඳීමට අවශ්‍ය වූ විටක, බට ගස් වල මැද්ද පවිත්‍ර කොට, දෙකකට පලා, කොටස් දෙකකින් යුත් අච්චුවක් ඔබටම සාදා ගත හැකිය. වෙළඳ පළට ඉදිරිපත් කරන්නේ නම්, අච්චුවක් මිලයට ගැනීම වටී. සකස් කරගත් ඉටිපන්දම්, අසුරන වලට අසුරා ලේබලයක් සහිතව වෙළඳ පළට යැවිය හැකිය.

0 Comments