මදුරු දැල් මැසීමේ කර්මාන්තය


මදුරු දැල් මැසීමේ කර්මාන්තය

සුව පහසුවට නින්දක් ලබන්න කැමති සෑම කෙනෙක්ම මදුරු දැලක් ගන්නට නම් අමතක කරන්නෙ නැහැ. මදුරු දැලකින් ලැබෙන ආරක්ෂාවත් බෝහෝ වටිනවා. මදුරු දැල් රවුම් වගේම හතරැස් හැඩයටත් තිබෙනවා.


අවශ්‍ය දේ :-

* කොට්න් නෙට් රෙදි අඟල් 60ත් අඟල් 72ත් අතර රෙදි යාර 12ක්
* පොලියෙස්ටර් හෝ ඩියුරෝ රෙදි යාර 1 1/2ක්
* අඟල් 1/2 කන්ඩියුට් බට (අඟල් 80 - 120 අතර දිගට )
* රේන්ද පටි
* ප්ලාස්ටික් හෝ යකඩ මුදුවක්


( කන්ඩියුට් බටය රවුමට නමා [ අඟල් 80ට, අඟල් 120ට ] කෙළවර දෙක එකතුවන තැනට අඟල් 4ක පමණ ලී ඇබයක් තද කරන්න.එමෙන්ම වෙළඳ පොළේ මදුරු දැල් සඳහාම සකස් කරන ලද කොටස් වලට වෙන් කරන ලද බට මිලදී ගත හැකිය.එම කොටස් එකතු කළවිට රවුම් සාදා ගැනීමට පුළුවන.)


●මදුරු දැල් මැසීම

A. මදුරු දැල් මැසීමේදී පළමුවෙන් සාය කොටස කපා ගත යුතුය.සාය කොටස උසින් අඩි 8 - 8 1/2 ත් අතර යට ෆ්‍රිල් වාටිය අඟල් 34 - 39 ත් අතර විය යුතුය.සාය මසා අවසන් වූ පසුව යට වාටිය පොලියෙස්ටර් අඟල් 2 පළල පටියක් අල්ලා ගන්න.

B. උඩ රාමුවට අදාළ කොටස කපා එයට අඟලක පටි 4 ක් තබා ඇතුල් රාමුවට මසා ගන්න. ඇතුල් රාමුව ලෙස සලකන්නේ කන්ඩියුටි බටයට ඇතුළතින් වූ රාමුවයි. රූපසටහනේ පරිදි මදුරු දැල් උඩක එල්ලීම සඳහා මුදුව ද ඊට සවිකර ගන්න.


Add image


සාය කොටස

මුදුව මැදට තබා පටි මැසීම


Add image


C. මෙහි ඇති තිත් ඉරි දිගේ නූලක් හෝ රෙදි පටියක් හැකි පරිදි නවා මැස්මක් මසා ගන්න. ඉන්පසුව එය තුළට රෙදි පටියක් ඇතුලත් කර ගෙන එම නූල හෝ රෙදි පටිය දෙපසින් තද කරන්න. එවිට උඩ රාමුවට යටින් කන්ඩියුට් බටය දැමීමට ඉඩ අවකාශ සැලසේ.

D. දැන් අඟල් 6ක් උසට නෙට් රෙදි සහ රේන්ද අල්ලා උඩ රවුමේ ෆ්‍රීල් එක සාදාගන්න. එය කන්ඩියුට් බටය මෙන් දෙකක් එනම් උඩ සායේ ප්‍රමාණය මෙන් දෙගුණයක් එය එකට එකක් රැළිකර සායේ හොඳ පිටට හොඳ පිට සිටින සේ සායත්, ෆ්‍රීල් එකත් ඇතුල් රාමුවට තබා මසාගන්න. ඉන්පසු කන්ඩියුට් බටය ඇතුල් කරන්න.


වෙළඳපොළේ ප්‍රධාන වශයෙන් මදුරු දැල් ප්‍රමාණ 2ක් තිබේ. තනි ඇඳන් සඳහා Singlenet යුගළ ඇඳන් සඳහා Double Net නෙට් ඊට අමතරව විශාල ප්‍රමාණයේ මදුරු දැල් ද නිෂ්පාදන කෙරේ. මෙහි ඇත්තේ තනි ඇඳකට හා යුගල ඇඳකට මදුරු දැල් මැසීමට අවශ්‍ය ප්‍රමාණයන්ය.


Add image


ෆ්‍රීල් රේන්ද


නෙට් එක

රෙදි පටයක් ඇතුල් කිරීමට මැසීම

Post a Comment

0 Comments