විසිතුරු කෘත්‍රීම මල්ගස්, මල් පොකුරු වලට වර්තමානයේ හොඳ ඉල්ලුමක් පවතී.ප්ලාස්ටික් මල් ගසක් නිවසේ ව්‍යාපාරික ස්ථානයේ තබා ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති. ප්ලාස්ටික් කෘත්‍රීම මල්ගස් සෑදීමට අවශ්‍ය දෑ.
* මල් ඉති, තණ පිඩලි
* මල් පෝච්චි
* සිමෙන්ති, සුදුවැලි, කුඩා කළුගල්
* එකට ළංව ඇති අතු දෙකක්
සාදන ආකාරය :-
මල් අතු ඉති ලබා ගැනීමේදී අවශ්‍ය ආකාරයේ මල් වර්ග සහ කොළ ලබා ගැනීමට පුළුවන. එමෙන්ම මිදි අතු, මිදි පොකුරු, ඇහැළ මල්, වද මල්, උණ වැනි විවිධ ආකාරයේ අතු ඉති පොළෙන් මිලදී ගැනීමට පුළුවන්. මිලදී ගැනිමේදී එක් වර්ගයකින් බණ්ඩලයක් මිටියක් ලබා ගත හැකිය. මල් ගසක් සෑදීමට එම මිටියක් ප්රමාණවත්ය.
මල් අතු ඉති ලබා ගන්නා ස්ථාන වලින්ම කළු මල් පෝච්චි ලබා ගත හැකිය. මෙම රූපසටහන් වල දැක්වෙන පරිදි ලී කෝටු සොයා ගත යුතුය. එම ලී කෝටු දැව ආරක්ෂක ගා වියැලෙන්නට තබා කළු හෝ දුඹුරු වර්ණයෙන් වර්ණ ගන්වා ගන්න. අතු සොයා ගැනීමේදී මෝරන ලද අතු කපාගන්න. ළපටි අතු කෙටි කාලයකදී විනාශ වේ.
Add a image
විදිනයකින් සිදුරු කිහිපයක් සාදන්න.
දෙබලකින් වෙන්වුන මේ ආකාරයේ ලී දෙකක් මල් ගස් සඳහා අවශ්‍ය වේ.
මිදිවැල් සඳහා මේ ආකාරයට ලීය වටා එතීමට නුගවැල හෝ වැල්මෙන් එතී ලී යොදාගන්න
ලී සොයාගෙන වර්ණ කිරීමට පෙර කුඩා විදිනයක් ගෙන එයින් ඉති ගැසීමට සිදුරු කිහිපයක් සාදාගන්න. ඔබ ළඟ ඇති මල් ඉති ප්‍රමාණය ගණන් කර ඒවා අතු දෙකට බෙදා එක අත්තකට මල් ඉති කීයක් යොදා ගන්න වෙනවාදැයි බලන්න.
දැන් සිමෙන්ති බාල්දියකට වැලි බාල්දි 6 ක් සහ ගල් බාල්දියක් දමා හොඳින් කලවම් කොට පෝච්චියෙන් අඟලක් පමණ ඉතිරි වන සේ පෝච්චියට සිමෙන්ති දමන්න. සිමෙන්ති දැමීමට පෙර ලී දෙබල පෝච්චියට දමන්න. ඉන්පසුව ලී දෙබල නොසෙල් වෙන පරිදි තබන්න. සිමෙන්ති හොඳින් ඝන වූ පසුව ලී කෝටු පොච්චියේ නොසෙල්වන පරිදි තිබේ. දැන් සිදුරු කර ගත් තැන්වලට මල් ඉති සවි කර ගන්න.


0 Comments