ඉටිපන්දම් පින්තාරුව

ඉටිපන්දම් පින්තාරුව
කාලයෙන් කාලයට විවිධ විලාසිතාවන් මෙන්ම විවිධ අත්දැකිම් ද වෙළඳ පොළට එක් වේ. ඉටිපන්දම් නිවසේ අලංකාර කිරීමේ අත්කමක් ලෙස දැන් අත්කම් ගොන්නට එක්වී තිබේ.
වෙළඳ පොළේ විවිධ වර්ණ වලින් හා විවිධ හැඩයේ ඉටිපන්දම් අලෙවියට තිබේ.එම ඉටිපන්දම් ගෙන ඒවා පින්තාරු කොට නැවත වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකිය.
අවශ්‍ය ද්‍රව්‍ය :-
* විවිධ ප්‍රමාණයේ සුදු පැහැ ඉටිපන්දම්                               Add a image
* ෆැබ්‍රික් පේන්ටින්
* ග්ලස් ඇන්ඩ් ටයිල් මීඩියම්
* පැතලි පින්සලක් හා සිහින් පින්සලක්
සාදන ක්‍රමය :-
ඉටිපන්දම ගෙන ග්ලාස් ඇන්ඩ් ටයිල් මීඩියම් ආලේප කරන්න.එසේ කිරීමෙන් ලිස්සන ගතිය නැතිවේ.ඊළඟට ඔබ ඉටිපන්දමේ අඳින්නට යන මෝස්තරය වර්ණ සහිත කොළ කැබැල්ලක ඇඳගෙන, එය ආධාර කරගනිමින් පින්සලයෙන් පමණක් ඉටිපන්දමේ වර්ණ ආලේප කළ යුතුය.
පැතලි පින්සලට පාට යොදා කෙළින්ම ඉටිපන්දමේ චිත්‍රය අඳින්න.මෙහිදී පැතලි පින්සලේ දෙපැත්තටම වර්ණ ගැනීම පහසුය.එක් පැත්තකට මලට අවශ්‍ය රතු පැහැයද අනිත් පැත්තට සුදු වර්ණය ද ගෙන රතු පාටින් මල අඳින්න.හැඩය වෙනස් වුවහොත් සුදු වර්ණ යොදා හැඩය ලබාගන්න.වන්ස්ට්‍රෝක් ක්‍රමයට පින්තාරු කිරීම යනුවෙන් මෙය හැඳින්වේ.
මල් සහ කොළ ඇඳගෙන පසුව කුඩා පින්සලක් ගෙන මල් ඉති අඳින්න.මේ ආකාරයෙන් තමන්ට කැමති මල් මෝස්තර නිර්මාණය කළ හැකිය.


Add a image

Post a Comment

0 Comments