සිමෙන්ති කම්බි කණු
සිමෙන්ති කම්බි කණු නිෂ්පාදනය කිරීමද ආදායම් ලැබිය හැකි මාර්ගයකි. මේ සඳහා අච්චුවක් අවශ්‍ය වේ. ෆයිබර් ග්ලාස් අච්චුවක් මිලදී ගැනීම වඩාත් පහසුය. එමෙන්ම වෙනත් ද්‍රව්‍ය මඟින් ද අච්චු සාදාගත හැකිය.
අවශ්‍ය ද්‍රව්‍ය :-
* සිමෙන්ති
* ගඟේ වැලි add a image
* සිප් ගල්
* MM 8 කම්බි
* ගල් කුඩු
සාදන ක්‍රමය :-
සිමෙන්ති 1, වැලි 2, ගල්කුඩු 1, සිප් ගල් 4 ක් ගෙන බදාම සකස් කර ගන්න. දියාරු නොවන්නට සකස් කළ බදාම අච්චුවට දමන්නට පෙර කම්බි අමුණා ගැනීම සඳහා සිදුරු වෙනුවෙන් අඟල් 8 න් 8 ටකම්බි කූරු හරස් අතට දමා ගත යුතුය. ඒවා කම්බි කණුවට සිමෙන්ති දමා අවසන් වූ පසුව සොලවා තැබිය යුතුය.
දැන් සිමෙන්ති බදාම කණුවෙන් භාගයක් පුරවා ගන්න. ඉන් පසුව MM 8 කම්බි දෙකක් තබා ඉතිරි අඩටද සිමෙන්ති පුරවන්න. පැය 8 ක පමණ කාලයක් කම්බි කණු වියැලෙන්නට කල් ගනී. එවිට අච්චු ගලවා ගන්න. ඒ සමඟම සිදුරු වෙනුවෙන් තැබූ කම්බි ද ගලවා දමන්න.
සිමෙන්ති කණු නිෂ්පාදනයේදී මුළු කණු සඳහා මඳක් විශාල වූ කණු අවශ්‍ය වන අතර ඒවා රැඳවීමේදී ආධාරක කණු ද නිෂ්පාදනය කළ යුතු බව මතක තබා ගන්න.

0 Comments