ලිපි කවර සෑදීම

මාස්පතා රුපියල් 20,000/-කට වැඩි මුදලක් නිවසේදීම උපයා ගන්න යනුවෙන් සති අන්ත පුවත්පත් වල පලවන දැන්වීම් ඔබ දැක ඇතුවාට සැකයක් නැත. ලිපි කවර. ලිපි කවර යැවීම සඳහා විවිධ ප්‍රමාණයන්ගේ කවර භාවිතා කරයි සෑදීම නිසා නිවසේ සිටම ඔබට විශාල ආදායමක් උපයාගත හැකිය

අඟල් 3 1/2*6 පොඩි ලියුම් කවරය
අඟල් 4*9 දිග ලියුම් කවරය
අඟල් 5*9,අඟල් 7*10,අඟල් 10*15 ලොකු කවරය

අවශ්‍ය ද්‍රව්‍ය :-
●මැනිලා කඩදාසි
●මැනිලා කඩදාසියක ප්‍රමාණය 27 3/4 * 34 2/1ක් වේ.
●ගම්,සාමාන්‍ය ගම් වර්ගයක්, ලිපි කවර වල අච්චුවක්, පේපර් කටර්,පින්සලක්, ඇලුමිනියම් තහඩුව, කතුරක්, ගම් දැමීමට භාජන, ලිපි කවර ඇසුරුම් කිරීමට ඉටිකොළ ආදිය


ලිපි කවර සාදන ආකාරය:-


ලිපි කවර සෑදීමේ කටයුත්ත සඳහා ඉතා පිරිසිදු, දූවිලි නොවදින කාමරයක් තෝරා ගන්න.ලිපිකවර සාදා අවසානයේ දී එම ලිපිකවර වල කුණු හෝ වෙනත් දෑ තැවරී ඇත්නම්, ලිපි කවර විකුණා ගැනීම අපහසු වේ. එම නිස ඉතා පිරිසිදු කාමරයක මේසයක් මත මෙම කාර්යය කළ යුතුය. දෙවනුව ලිපි කවර සඳහා අච්චු සාදා ගත යුතුය.අච්චුව යනු ලිපි කවරයේ පතරොමකි. ඒ සඳහා ලිපි කවරයක් සම්පූර්ණයෙන් විවෘත කල පසුව පෙනෙන ආකාරයට තිබිය යුතුය.


ඒ කටයුතු අවසන්නම් දැන් ඔබට ලිපි කවර සෑදීම ආරම්භ කළ හැකිය.ඒ සඳහා ඔබ මිළදී ගත් මැනිලා කඩදාසි වලින් එකක් අතට ගන්න. ඒ කඩදාසිය මේසය මත දිග හරින්න.දැන් දිග් අතට සිටින සේ දෙකට නවන්න. දිග් අතට සිටින සේ තවත් වරක් නවන්න. මැනිලා කඩදාසිය දෙවරක් දිග් අතට නැවූ පසුව ඔබට අඟල් 7කට දශමයක් පමණ අඩුවෙන් පළල දිග අඟල් 34 1/2 වූ කඩදාසියක් ලැබේ.මේ රූප සටහන බලන්න


Add a image


●මැනිලා කඩදාසිය මේ ආකාරයට දෙවරක් නවාගන්න. දිග් අතට සිටින සේ.


●නවාගත් මැනිලා කඩදාසිය මේ ආකාරයට කොටස්  04 කට කපාගන්න. අච්චුව තබා කපාගන්න.

මේ ආකාරයට මැනිලා කඩදාසිය නවාගෙන ලිපි කවර කපා ගැනීමේඉදී එක් මැනිලා කඩදාසියකින් ලිපිකවර 16ක් ලබාගත හැකිය.

Post a Comment

0 Comments